අවසර පත්‍රයක් නැත්නම් ආබාධිත පුද්ගලයින්ටත් ඡන්දය දාන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

ඡන්දය සලකුණු කිරීමට ආබාධිත පුද්ගලයෙකු වාහනයකින් හෝ කවර ආකාරයකින් හෝ ඡන්ද මධ්‍යස්ථානයට කැටුව යාමේ දී නිසි අවසරයකින් තොරව ඇතුල් වීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ හෙට (14) උදෑසන 07 සිට පස්වරු 4 තෙක් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත්; ඒ සඳහා ඉහත නීතිරීති පනවා ඇති බවයි.

කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නකු හෝ ආබාධිත තත්ත්වයෙන් පසුවන්නෙකු සිටී නම්; තේරීම් භාර නිලධාරියාගෙන් හෝ සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පූර්ව අවසරයක් ඒ සඳහා පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම අනන්‍යතාව තහවුරු කළ හැකි නීතියෙන් නියම කරන ලද හැඳුනුම්පත් රැගෙන යන ලෙසත් තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව පමණක් රැගෙන යාමට වග බලා ගන්නා ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු ලෙසකින් බස් රථවලින් ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් එය නිරීක්ෂණය කිරීමට බුද්ධි නිලධාරින් ස්ථානගත කර ඇති බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28