spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවසන් තරගයේ කාසියේ වාසිය කිවියන්ට

ශ්‍රී ලංකාව මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නවසීලන්තය සමත් වුණා.

ඒ අනුව නායක කේන් විලියම්සන් තීරණය කළේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තෝරා ගැනීමටයි.

අද තරගය ඉන්දියාවේ බෙන්ගලාරු හි දී පැවැත්වෙනවා.

පස්වරු 02ට ආරම්භ වන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් හොබවනු ලබන අතර, නවසීලන්තයේ නායකත්වය දරන්නේ කේන් විලියම්සන් විසින්.

මේ වනවිට පැවති තරග 08න් 04ක ජය හිමි කරගනිමින් නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග 08න් තරග 02ක් පමණක් ජයගෙන පසුවන්නේ 09 වැනි ස්ථානයේයි.

නවසීලන්ත කණ්ඩායමට මෙවර අවසන් පූර්ව වටය ගැන වඩාත් ස්ථාවර බලාපොරොත්තුවක් තබාගත යුතු නම් අද තරගය ජය ගැනීම වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?