අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සත්කාරක නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක නවසීලන්තය ජයගත් අතර, ඒ අනුව තරගාවලියේ ජය තරග දෙකට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායම සතු වුණා.

ඕක්ලන්ඩ් හිදී අද (11) පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී 290ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

එහිදී පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතකවලින් සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යව්මේ දී මැට් හෙන්රි ලකුණු 55ක කඩුලු 04ක් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 55ට ශ්‍රී ලංකා කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 291ක ඉලක්කයක් හඹා යාමට නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ඉනිම ඇරඹු අතර, ඔවුන්ට සාර්ථක වීමට අසිත ප්‍රනාන්දු සහ මහිෂ් තීක්ෂණ ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, අනුව ආරම්භක පිතිකරු විල් යං ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, අනෙක් ආරම්භක පිතිකරුවා වූ රචින් රවීන්ද්‍ර එක් ලකුණකට දවාගන්නට තීක්ෂණ සමත් වුණා.

එතැනින් ආරම්භ කළ පීඩනය දිගින් දිගටම නවසීලන්ත පිතිකරුවන්ට එල්ල කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයතු කළා.

ඒ, අනුව නවසීලන්ත පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 29යි පන්දු 04ක් තුල ලකුණු 150කට සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

නවසීලන්ත ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට මාර්ක් චැප්මන් පත්වූ අතර, නවසීලන්ත අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලකුණු 81ක් රැස්කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, එෂාන් මාලිංග කඩුලු 03ක් සහ මහිෂ් තීක්ෂණ කඩුලු 03ක් බිඳ දැමුවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවති ආකාරය දැකගත හැකි වුණා.

ඒ අනුව මෙම තරගය ලකුණු 140කින් ජයගත් ශ්‍රී ලංකාව සිය ගෞරව රැක ගනිමින් නවසීලන්තය සමඟ එක්දින තරගාවලිය අවසන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14