අවසන් එක්දින තරගයත් වැස්සට සේදෙයි – තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තුන්වන සහ අවසන් එක්දින තරගයත්
එකඳු පන්දුවක් හෝ නොයවා සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට අද (09) සිදු වුණා.

ඒ, මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්.

මේ සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණා.

අද පැවැත්වීමට තිබූ තුන්වන සහ අවසන් එක්දින තරගය වෙනුවෙන් වෙන්කර තිබූ සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

අවස්ථා කිහිපයක දී විනිසුරුවන් පිටිය පරීක්ෂා කළත් වර්ෂාවත් සමඟ එය තරගය පැවැත්වීම නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

දෙරට තරග පැවැත්වීමට තිබූ දෙවන එක්දින තරගය ද වර්ෂාවෙන් සේදී ගිය අතර, පළමු එක්දින තරග ලකුණු 41 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ අතර මෙම ජයග්‍රහණය 2003 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් කැරිබියන් දූපත්හි දී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00