අවසන් එක්දින තරගයත් වැස්සට සේදෙයි – තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තුන්වන සහ අවසන් එක්දින තරගයත්
එකඳු පන්දුවක් හෝ නොයවා සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට අද (09) සිදු වුණා.

ඒ, මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්.

මේ සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණා.

අද පැවැත්වීමට තිබූ තුන්වන සහ අවසන් එක්දින තරගය වෙනුවෙන් වෙන්කර තිබූ සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

අවස්ථා කිහිපයක දී විනිසුරුවන් පිටිය පරීක්ෂා කළත් වර්ෂාවත් සමඟ එය තරගය පැවැත්වීම නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

දෙරට තරග පැවැත්වීමට තිබූ දෙවන එක්දින තරගය ද වර්ෂාවෙන් සේදී ගිය අතර, පළමු එක්දින තරග ලකුණු 41 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ අතර මෙම ජයග්‍රහණය 2003 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් කැරිබියන් දූපත්හි දී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56