spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවයව බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල ගැන හොයන්න කමිටුවක්

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

සම්පුර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ෂණයක් සිදු කර එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා තෙක් එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?