අලුත උපන් දරු සෙනෙහස මහ මඟ දමා ගිහින්

පොල්පිතගම – කෝරුවාව ප්‍රධාන මාර්ගයේ කෝරුවාව විහාරය අසල ගසක් යට අලුත උපන් බිළිඳෙකු දමාගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

රෙදි කැබැල්ලකින් ඔතා මෙම බිළිඳා මහ මඟ දමාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (01) උදෑසන 9.30 පමණ පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන්ට මෙම බිළිඳා හමුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වහාම බිළිඳා පොල්පිතිගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, මෙලෙස මහ මඟ දමාගොස් ඇත්තේ ගැහැණු දරුවෙකු බව සඳහන්.

පොල්පිතිගම රෝහල තුළ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා පොලිස් ආරක්ෂාව මැද බිළිඳිය කුරුණැගල මහ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ බිළිඳිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

අලුත උපන් මෙම බිළිඳිය මෙලෙස මහ මඟ දමාගිය පුද්ගලයින් සොයා පොල්පිතගම පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06