spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත උපන් දරු සෙනෙහස මහ මඟ දමා ගිහින්

පොල්පිතගම – කෝරුවාව ප්‍රධාන මාර්ගයේ කෝරුවාව විහාරය අසල ගසක් යට අලුත උපන් බිළිඳෙකු දමාගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

රෙදි කැබැල්ලකින් ඔතා මෙම බිළිඳා මහ මඟ දමාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (01) උදෑසන 9.30 පමණ පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන්ට මෙම බිළිඳා හමුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වහාම බිළිඳා පොල්පිතිගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, මෙලෙස මහ මඟ දමාගොස් ඇත්තේ ගැහැණු දරුවෙකු බව සඳහන්.

පොල්පිතිගම රෝහල තුළ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා පොලිස් ආරක්ෂාව මැද බිළිඳිය කුරුණැගල මහ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ බිළිඳිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

අලුත උපන් මෙම බිළිඳිය මෙලෙස මහ මඟ දමාගිය පුද්ගලයින් සොයා පොල්පිතගම පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?