අලුත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගෙන් විශේෂ නිවේදනයක්

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමු රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ (www.parliament.lk) මුල් පිටුවේ ඇති තොරතුරු සබැඳියට පිවිස අදාළ තොරතුරු සම්පූර්ණ කරන ලෙසයි එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම තොරතුරු ලබාදීමේ විකල්පයක් ලෙස මෙම සබැඳියෙන් බාගත කර ගත හැකි ආකෘති පත්‍රය පුරවා භාරදීම ද සිදුකළ හැකි බවත් මහ ලේකම්වරියගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මීට අමතරව දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක් 2024 නොවැම්බර් 19 වැනි අඟහරුවාදා සහ 20 වැනි බදාදා පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ක්‍රියාත්මක වනවා.

එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබාගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබාගැනීම සඳහා කටයුතු සූදානම් කර ඇති බැවින්, එයට පැමිණ සහභාගීවන ලෙස ද මහලේකම්වරිය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28