අලුත් ක්‍රිකට් කමිටුව සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර හමුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පරිවර්තන කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගිවිසුම්ගතව සිටින කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර හමුවක් පසුගිය ද පැවැත්වුණා.

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකා ‘ඒ’ ජාතික කණ්ඩායමේ සහ 19න් පහළ කණ්ඩායම් ක්‍රීඩිකාවන් ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර්ක්‍ මෙන්ම සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, සහ කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩ්ඩන්ස් ද මෙම හමුවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted