spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුදු උදාවේ ඉන්දියාවට භූ කම්පනයක්

අද අලුයම ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 3.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

නව වසරේ පළමු දිනය වන අද උදෑසන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවලට මෙම කම්පනය දැනී ඇති බවයි භූ කම්පන පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසන්නේ.

කිසිදු තුවාලකරුවෙක් පිළිබඳ හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.

පසුගිය නොවැම්බර් 12 වැනිදා ද දිල්ලිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට භූ කම්පනයක් සිදුවී තිබුණා.

භූ කම්පන පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට (NCS) අනුව, නොවැම්බර් 12 වනද රාත්‍රී 7:57 ට පමණ නේපාලයේ ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රිච්ටර් පරිමාණයේ ඒකක 5.4ක් ලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?