spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුද්දට ආණ්ඩුවෙන් සහල් කිලෝ 20ක්

අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන ඉතා දිළිඳු පවුල් ලක්ෂ 27.5ක් වෙනුවෙන් සිංහල – දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසිදහසක මුදලක් වෙන්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ ඉදිරි ග්‍රාමීය සංවර්ධනයන් පිළිබඳව අනුරාධපුර, කළුආරච්චියාගම ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මීට අමතරව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ජූලි මාසය වනවිට පවුල් ලක්ෂ විසි හතරකට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?