අලුත් අමුත්තා එනකන් බලාගෙන ඉන්නවා

දුලානි අනුරාධා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඒ වගේම නර්තන ආචාර්යවරියක්. ඇය සිනමාවේ සහ පුංචි තිරයේ ආදරය දිනාගත් දක්ෂ තාරකාවියක් කියලා කිවුවොත් නිවැරදියි.

ඉස්සර ඉතාහසගත කතාමාලාවලදී ඇයට ලැබුනේ සුවිශේෂී ස්ථානයක්. ඉතිෂ ගත චරිත නිරූපනයෙන් ඇය උපරිම සාධාරණයක් සිදුකරනවා. ඒ වගේම ඇයට ලැබුනෙම එවැනි චරිත.

ඒ ඇයගේ පෙනුම සහ ඒ චරිතවලට ඇය දක්වන්නාවූ උපරිම සාධාරණත්වය නිසාවෙන් කියලා කියන්න පුළුවන්.

දුලානි අනුරාධා කියන්නේ පාසල් ගුරුවරියක්. මේ රාජකාරි කටයුත්ත අතරවාරයේ තමයි ඇය රංගනයට සම්බන්ධ වුනේ. නමුත් වර්තමනයේ ඇය අපට නිරන්තරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඇය දැන් විවාහකයි.

ඇය විවාහ වෙන්නේ නාවික හමුදා නිලධාරියෙක් සමග. ඔහු අශෝක සේනාධීර. මේ වෙද්දී දුලානි සැමියා සමගින් ඉතාමත් ආදරණිය ජිවිතයක් ගත කරනවා.දුලානිගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා අයියා දුලානි සහ දුලානිගේ සැමියා.

ගුරුවරියකගේ භූමිකාවත් බිරිඳකගේ වගකීම් එක්ක ඇය ජීවිතය ගෙවනවා.

රටේ වර්තමානයේ පවතින තත්වය නිසාවෙන් ඉතාමත් පරිස්සෙමින් කලාවෙන් තරමක් ඈත්වෙලා ඉන්නවා කියලා තමයි ඇය කියන්නේ. ඇය කියන්නේ ඇය වෘත්තියමය ජීවිතය තුල තෘප්තිමත් බවයි. ලැබුණු පළමු නිරම්නයේ ඉදලම ඇයට තියෙන්නේ සතුටක් බවත් ඒ කාලේ තව වැඩ කලානම් හොදයි කියලත් හිතෙනවා කියලා තමයි ඇය කියන්නේ.

ඒ වගේම කිසිම පසුතැවීමක් ඇයගේ හිතේ නැහැ කියලයි ඇය කියන්නේ. අබා වැනි නිරමාණ හරහා දුලානිට ප්‍රේක්ෂකයෝ ඉමහත් ආදරයක් දැක්වුවා. එදා වගේම අදටත් ඒ ආදරය එලෙසින්ම තියෙනවා.

ඉතාමත් නිහතමානී සුන්දර තරුනියක්වන දුලානි කියන්නේ ඉදරියේ අලුත් අමුත්තෙක් ගැන බලාපොරොත්තුවක් තියෙන බවත් අමුත්තා එනකන් මග බලාගෙන ඉන්නවා කියලයි. ඒ වගේම වර්තමානයේ රටේ තියෙන තත්වය එක්ක ගොඩක් බලාපොරොත්තු ආපස්සට ගිය බවත්. ගුරුවරයෙකු වශයෙන් දරුවන්ට අතපසු වුන පාඩම් වැඩ කටයුතු වලට වැඩි වෙලාවක් වෙන්කරන්න බලාපොරොත්තු වෙන බවත් ඇය කියා සිටියා. ජනප්‍රිය නිලි දුලානි අනුරාධාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප ප්‍රර්ථනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39