අල්ලස් ගත් සී.සී.ඩීයේ නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්

රුපියල් 154,200ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඊයේ (05) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු මොවුන් දෙදෙනා අද (06) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී ම අත්අඩංගුවට ගෙන තිබුණා.