අලවතුගොඩ මඩ වගුරක තරුණියකගේ මළ සිරුරක්

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළ සිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

මෙය ඝාතනයක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.