අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා පිළිනොගනී

විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය පිළිගත් නොහැකි බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (10) නිවේදනය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංගයේ වර්තමාන ස්වරූපය පිළිගත නොහැකි බවයි කථානායකවරයා පවසා සිටියේ.