අර්ධ ශතකයට ඔන්න මෙන්න තිබියදී ප්‍රභාත්ගේ පන්දුවට රැවටුණු මෙන්ඩා

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පැවැත්වෙන පළමු තරගය මේ වනවිට (18) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

අද පස්වරු 03ට මෙම තරගය ආරම්භ වූයේ ජැෆ්නා කින්ග්ස් සහ ගෝල් මාර්වලස් කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය දිනූ ගෝල් කණ්ඩායම් නායක නිරෝෂන් දික්වැල්ල පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම සමගින් ජැෆ්නාවරුන් වෙනුවෙන් පිතිකරණය ඇරඹුවේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.

පැතුම් අවාසනාවකට ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියා.

තරගාවලියේ දිගින් දිගට ම සමාජ මාධ්‍ය ජාලාවල පවා දැඩි විවේචනයකට හසු වෙමින් සිටි කුසල් මෙන්ඩිස් අද තරගයේ දී අර්ධ ශතකයක් රැස් කරගැනීමට උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණා.

එහෙත් ලකුණු 46ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට එල්ල කිරීමට ගිය පහරින් කුසල් දැවී ගියේ පන්දුව කෙලින් ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

ඒ වනවිට කුසල් පන්දු 39කදි දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 04ක් සමගින් ලකුණු 46ක් ලබා සිටියා.

මෙන්ඩිස්ට අනර්ඝ සහායක් දුන් Rilee Rossouw පන්දු 22ක දී ලකුණු 40ක් රැස් කළා.

රුසොව් සහ මෙන්ඩිස් අතර පන්දු 31ක දී ලකුණු 50ක සබඳතාවක් ද ගොඩනැගුණ අතර එය බිඳ වැටුණේ; ඉසුරු උදාන යොමු කළ පන්දුවකට උඩ පන්දුවක් ජනිත් ලියනගේ අතට ලබාදෙමින් ඔහු දැවී ගියා.

මේ වනවිට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 121ක් ලබා සිටින්නේ පන්දු වාර 15කුත් එක් පන්දුවක් අවසානයේ දීයි.

Dwaine Pretorius, ඉසුරු උදාන සහ ප්‍රභාත් ජයසූරිය එක් ව කඩුලු 03ට එක බැගින් වගකීමට සමත් වුණා.

මෙම තරගය ජයගැනීම දෙපිළටම තීරණාත්මක වන අතර; අද ජයග්‍රාහී කණ්ඩායම එළඹෙන 21 වැනි දා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21