අර්තාපල් ග්‍රෑම් 250ක් නැතිවෙලා – පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිල්ලක් (වීඩියෝ)

නිවසේ තිබූ අර්තාපල් ග්‍රෑම් 250ක් සොරාගෙන ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පැමිණිලක් සිදුකළ පුද්ගලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හාර්ඩෝයි හි පදිංචි පුද්ගලයෙක් මෙම පැමිණිල්ල සිදුකර පොලිසියට පවසා ඇත්තේ මේ සබන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

විජේ වර්මා නැමැති පුද්ගලයෙක් දීවාලි උත්සවයට පෙර උත්තර් ප්‍රදේශ් හි 112 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පැමිණිල්ල අනුව පැමිණි පොලිසිය මේ සම්බන්ධයෙන් මෙම පුද්ගලයාගෙන් කරුණු විමසා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ නැති වූ අර්තාපල් ග්‍රෑම් 250 සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුය යන්නයි.

පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ දී ඔහුන් මත්පැන් පානය කළේ දැයි ප්‍රශ්න කිරීමේ දී තමන්මත්පන්ම් පානය කර ඇති බවට පිළිගෙන ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ තමන් දවස පුරාම වෙහෙස මහන්සි වී වැඩ කරන බැවින් සවස් වරුවේ මත්පැන් සුළු ප්‍රමාණයක් පානය කරන බවයි.

පොලිසිය මෙම ප්‍රශ්න කිරීම වීඩියෝ ගතකර ඇති අතර, එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය නැරඹු පුද්ගලයින් ඊට ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ පැමිණිල්ල මත පොලිස් නිලධාරීන් එහි පැමිණ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ප්‍රශංසා කර ඇති අතර, මෙය හදිසි සේවා අනිසි ලෙස භාවිත කිරීමක් බව පවසා විජේ වර්මාට ඇතැමුන් චෝදනා එක්ක කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34