අරගල භූමියේදී කදුළු හෙළපු ටී.එම්.ජයරත්න

ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලයට මේ දිනවල විශාල වශයෙන් කලාකරුවන් පැමිණෙමින් සිය සහාය අරගලකරුවන් හට පළ කරමින් සිටිනවා. අද පෙරවරුවේ දී ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්.ජයරත්න සූරින් ද සිය සහාය තරුණ අරගලයට ලබාදීමට පැමිණියා.

කිසිදු පක්ෂයක්, පාටක්, ජාතියක් හෝ කුලයක් රහිතව තමන් මෙම තුරුණු ජවයට සහාය පළ කිරීමට අරගල බිමට පැමිණි බවයි ටී.එම්. සූරින් කියා සිටියේ.මහජනතාව වෙනුවෙන් පමණක් තමන් අරගලයට එක්වෙමින්, සිටින අතර, මෙලෙස ජනතාව දරු මල්ලෝ ද සමගින් කූඩාරම් යට දිවා රෑ නොතකා දුක් විඳිනුයේ, තවදුරටත් පාලක පක්ෂයේ පීඩිත පාලනය දරාගැනීම ඉක්මවා ගිය බැවින් බවයි හෙතෙම පවසන්නේ.

එවන් විශිෂ්ට ජනතාවට තමන් ප්‍රණාමය පුදකර සිටින අතර, දේවාලය ඇතුළට වී සිටින අයට ටී.එම් ජයරත්න සූරින් කියා සිටියේ, දැන්වත් ජනතාවට ඇහුම්කන් දී දේවාලයේ දොරටු ඇර, එළියට පැමිණෙන ලෙසයි.

මේ වනවිටත් තමන්ට මේ පීඩිත පාලන ක්‍රමයෙන් හෙම්බත් වී සිටින ජනතාව ගැන දැනෙනුයේ, ” අඳුරු කුටිය තුළ දොරගුලු ලා ගෙන.. ගැයෙන ගීතිකා දෙවියන් හට නෑසේ ” යනුවෙන් බව ද ප්‍රවීණ ගායන ශිල්පී .ටී.එම්.ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විඩියෝ මෙතනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11