ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවන් සිව් දෙනාගෙන් අයෙකුට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
පසුගිය මැයි මස 21 වනදා ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබූවේ අඟුරුවාතොට රෙමුණ වැව අසලදී යි.
කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදු කර මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ජාවාරම මෙහෙයවන ලද පුද්ගලයා මීට මාස තුනකට පමණ ඉහත දී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙකු නිවස කරා යාමට බස් නැවතුමේ සිටියදී ඔහු සතුව තිබූ මුදල් බෑගය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූවෙක් බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.
ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳුණු සැකකාරිය 22 හැවිරිදි තරුණියක් බව ද සඳහන්.














Is this even news? Shame on you. Breaks even the basic ethics.