spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලයේ ක්‍රියාකාරිකයෙකුට පහරදීමක්

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල පහරදීමකින් රෝහල් ගත කර තිබෙනවා.

අද (10) සවස කොස්වත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය වසරේ මැයි 9 වනදා කඩුවෙල උප නගරාධිපතිවරයා බේරේ වැවට ඇද දැමීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට පළි ගැනීමක් ලෙස පහරදීම සිදුවී ඇති බවයි ඔහු චෝදනා කරනවා.

කඩුවෙල උප නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදීමට පැමිණි බවට ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

තුවාල ලැබූ ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදීමෙන් අරගල ක්‍රියාකාරිකයාගේ මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුවී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
10
+1
3
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?