spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ඇමරිකාවේත් අවදානයට

ඊයේ (21) රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ලකළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුන්ග්ගේ අවදානයට යොමුව තිබෙනවා.

ඇය පවසන්නේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පවතින බවයි.

බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි ඇය සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට අරගල භූමිය ඇතුළු වූ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයෙන් තුවල ලැබූ පිරිස් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එම සංඛ්‍යාව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැහැ.

ඒ මෙන්ම මෙම සිද්ධිය අතර තුර පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?