අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ඇමරිකාවේත් අවදානයට

ඊයේ (21) රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ලකළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුන්ග්ගේ අවදානයට යොමුව තිබෙනවා.

ඇය පවසන්නේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පවතින බවයි.

බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි ඇය සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට අරගල භූමිය ඇතුළු වූ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයෙන් තුවල ලැබූ පිරිස් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එම සංඛ්‍යාව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැහැ.

ඒ මෙන්ම මෙම සිද්ධිය අතර තුර පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

5 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28