spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයුතු යෝජනාවට අකමැති වූ නිසා කාන්තාවකගේ ගෙට ගිනි තියලා

කාන්තාවකට සිදුකළ අයුතු යෝජනාවකට අකමැති වීම හේතුවෙන් එම කාන්තාවගේ නිවසකට පහර දී ඊට ගිනි තැබූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොල්ගහවෙල පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

පොල්ගහවෙල – ඉහළ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භකර ඇත්තේ.

තම නිවසට ‘අසංක’ නැමැති අයෙකු පැමිණ පහර දී අලාභ හානි සිදුකළ බවට අදාළ කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා පැමිණිලි කර ඇති අතර, අනතුරුව ඇය විසින් පොල්ගහවෙල පොලීසියට ද ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල සිදුකර ආපසු පැමිණෙන විට අදාළ පුද්ගලයා විසින් තම නිවසට ගිනි තබා හානිකර ඇති බවට යළිත් වතාවක් එම කාන්තාව පොලීසියට පැමිණ පවසා ඇති බව සඳහන්.

සැකකාර පුද්ගලයා විසින් තමන්ට අයුතු යෝජනාවක් කළ බවත්, තමන් ඊට අකමැති වීම හේතුවෙන් මෙම හානිය සිදුකළ බවයි අදාළ කාන්තාව පොලීසිය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
4
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?