අයුතු යෝජනාවට අකමැති වූ නිසා කාන්තාවකගේ ගෙට ගිනි තියලා

කාන්තාවකට සිදුකළ අයුතු යෝජනාවකට අකමැති වීම හේතුවෙන් එම කාන්තාවගේ නිවසකට පහර දී ඊට ගිනි තැබූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොල්ගහවෙල පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

පොල්ගහවෙල – ඉහළ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භකර ඇත්තේ.

තම නිවසට ‘අසංක’ නැමැති අයෙකු පැමිණ පහර දී අලාභ හානි සිදුකළ බවට අදාළ කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා පැමිණිලි කර ඇති අතර, අනතුරුව ඇය විසින් පොල්ගහවෙල පොලීසියට ද ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල සිදුකර ආපසු පැමිණෙන විට අදාළ පුද්ගලයා විසින් තම නිවසට ගිනි තබා හානිකර ඇති බවට යළිත් වතාවක් එම කාන්තාව පොලීසියට පැමිණ පවසා ඇති බව සඳහන්.

සැකකාර පුද්ගලයා විසින් තමන්ට අයුතු යෝජනාවක් කළ බවත්, තමන් ඊට අකමැති වීම හේතුවෙන් මෙම හානිය සිදුකළ බවයි අදාළ කාන්තාව පොලීසිය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30