spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයි.සී.සී වාර්ෂික මහා සභා රැස්වීම ශ්‍රී ලංකාවේ

2024 ජුලි 19 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට යළි හිමිව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියා.

මෙම අවස්ථාව ක්‍රිකට් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විශාල රුකුලක් වනු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම ගෞරවනීය උත්සවය අන්තර්ජාතික අවධානය දිනාගනිමින් ලොව පුරා ක්‍රිකට් ආයතනවල නියෝජිතයන් ආකර්ෂණය කරගනු ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවීමත් සමඟ අයි.සී.සී මහා සභා රැස්වීම මෙරට පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පැවතියා.

කෙසේ වෙතත් එම තහනම ඉවත් කිරීමත් සමඟ අයි.සී.සී මහා සභා රැස්වීම යළි කොළඹ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?