spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමත් සමඟ ලංකා අයි.ඕ.සී සමාගම සහ සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ දැමූ අගයන්ගෙන්ම එම සමාගම් දෙකත් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ්, අනුව එම සමාගම් දෙකත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමා ඇති අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38.00කින් මිල ඉහළ දමා තිබෙනවා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29.00කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41.00කින් ද මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

භූමිතෙල් ලීටරයක් රුපියල් 11.00කින් මිල පහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 366.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 464.00
සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358.00
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475.00
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
11
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?