අයිස් සහ මැජික් මෂ්රූම් සමඟ සාදයක් දැමූ පිරිස තෙල්දෙණිය පොලිස් කූඩුවට

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රියේ පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් පිරිසක් තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයන් විසි දෙදෙනෙක් සහ තරුණියන් හතර දෙනෙක් සිටි බව තෙල්දෙණිය පොලිසිය පවසනවා.

කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක් මෙම පිරිස සන්තකයේ තිබී හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර අත්අඩංගුවට ගත් පිරිස අද (13) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.