අයිස් සමඟ මාට්ටු වූ ධීවර යාත්‍රාවේ සිද්ධියට සැකකරුවන් 07ක් රිමාන්ඩ්

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115 ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන වසන්ත පුෂ්පකුමාර ඇතුලු සැකකරුවන් 07 දෙනෙක් ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (26) නියෝග කළා.

සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය තොගය රස පරීක්ෂක වෙත යවා අධිකරණයට වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

තංගල්ල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක, නුවන් පුෂ්ප කුමාර, නිමල් ප්‍රනාන්දු, මිල්බන් ද සිල්වා,දිනුෂ රුවන් කුමාර, වසන්ත පුෂ්ප කුමාර යන සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේ.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියහ.

බහු දින ධීවර යාත්‍රාවේ ජී.පී.එස්. යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් අදාළ මත්ද්‍රව්‍ය සමග තිබූ ගිනි අවි දෙකක් රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි ඉහත වාර්තා කැඳවීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා.

සිද්ධියට අදාල නඩුව මහේස්ත්‍රාත් නිලමැදිරියේදී කැඳවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11