spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් බොරැල්ල හල්ගහවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 550ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 106000ක මුදලක් ද සැකකරු සතුව තිබි සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් සථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?