spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස් සමග සැකකරුවෙක් පොළිස් අත් අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 579ක් සමඟ වත්තල නගරයේදී පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

සැකකරුට මෙම මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්ද සහ සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ කා හටද යන්න පිළිබඳව වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?