අයිස් සමග සැකකරුවෙක් පොළිස් අත් අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 579ක් සමඟ වත්තල නගරයේදී පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

සැකකරුට මෙම මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්ද සහ සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ කා හටද යන්න පිළිබඳව වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16