අයහපත් කාලගුණය හමුවේ ගුවන්යානයක් ඉහළ අහසේදී දරුණු කැළඹීමකට හසුවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉහල අහසේදී කැළඹීමකට හසුවූ ගුවන්යානයක ගමන් කළ මගීන් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ෆීනික්ස් සිට හොනොලුලු බලා පියාසර කරමින් තිබූ හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස දරුණු කැළඹීමකට හසුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබුවන්ගෙන්, 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

මගීන් 278 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙකු රැගත් ගුවන් යානය ගොඩබෑමට සුදානම් වන අවස්ථාවේ මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

සීරීම්, තැලීම් සහ සිහි නැතිවීමේ සිට හිසේ තුවාල දක්වා වූ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු ප්‍රාදේශීය රෝහල් වෙත ගෙන ගොස් තිබෙනවා.

කැළඹීම සිදු වූ අවස්ථාවේ එම ප්‍රදේශයේ ගිගුරුම් සහිත වැසි පැවති බවයි වාර්තා වන්නේ.

HA35 ගුවන් යානය ඊයේ (18) රාත්‍රී 10:50ට Daniel K. Inouye ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් හවායි ගුවන් සේවය පැවසුවේ සුළු තුවාල සඳහා ගුවන් තොටුපළේ අමුත්තන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් කිහිප දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර තවත් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කළ බවයි.

රෝහල් ගත කර ඇති 20 දෙනාගෙන් 17 දෙනෙකු මගීන් වන අතර තිදෙනෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් වනවා.

ඒ අතර මාස 14ක දරුවෙකු සහ තරුණයෙකු ද වනවා.

එයාර්බස් ඒ 330 වර්ගයේ මෙම ගුවන් යානය නැවත සේවයට යොදා ගැනීමට පෙර යානය පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක්ප වත්වන බවයි ගුවන් සමාගම සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40