අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට – කොළඹ නගරයේ ගස් හා අතු කඩා වැටීම් 35ක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අතර දිස්ත්‍රික්ක 05ක් සඳහා ඊයේ (31) නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය තව දුරටත් ක්‍රියාත්මකයි.

ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක පහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් සහ අතු කඩා වැටීම් 35ක් පමණ වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.

මීට අමතරව විහාර මහාදේවි උද්‍යානයේ ගස් හා අතු කඩා වැටීම් 10ක් පමණ වාර්තා වී ඇති බවයි එම මහ නගර සභාව පැවසුවේ.

එමෙන්ම කොළඹ නගරයේ අවදානම් සහිත ගස් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට විශේෂ කණ්ඩායම් 05ක් යොමුකර තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ බෝග හානි හඳුනාගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඒ, වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දිනෙන් පසුව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23