අයහපත් කාලගුණයෙන් කටුනායක ගුවන්තොටේ මෙහෙයුම්වලට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් යානා රැසක් ප්‍රමාදවීම්වලට සහ අවලංගු කිරීම්වලට ලක්ව ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රාශියක් මත්තල ගුවන් තොටුපොළ , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමෙන් පසුව ඒවා තවදුරටත් එම ගුවන් තොටුපොළ තුළ නවතා තිබෙනවා බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානා 03ක් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එක් ගුවන් යානයක් තවදුරටත් මත්තල ගුවන් තොටුපොළේ නවතා ඇති අතර, ඒවායේ පැමිණි ගුවන් මගීන් මේ වනවිට නවාතැන් කරා යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද එම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

මීට අමතරව ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළවල ද තවදුරටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නොහැකිව ගුවන් යානා 04 ක් නවතා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද ඇතැම් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සහ පිටත්ව යාම් සිදු කරමින් තිබෙනවා බව දසත නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14