අයහපත් කාලගුණයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර කොටසට පස් කන්ඩි කඩාවැටීම සහ ගල් පෙරලීමේ හේතුවෙන් මෙම බාධාව මතුව තිබෙනවා.

මේ හේතුවෙන් අද (26) උදෑසන බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වීමට තිබූ දුම්රිය ධාවනය නොවූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවන වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබෙනවා.