අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට

2026 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වනවා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද දිනයේ සිට දින 17ක් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන දෙසැම්බර් මස 05 වනදා පස්වරු 6.00ට සිදුකිරීමට නියමතයි.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සිනා සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.

2026 වසර සඳහා වන අයවැය පසුගිය 07 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?