අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක බස් රථයක් ගැටීමෙන් අද (01) උදෑසන සිදුවූ අනතුරකින් බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා තිබෙනවා.
පයාගල පොලිසිය සඳහන් කළේ අදාළ යුවළ යතුරුපැදියෙන් බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන් කරමින් සිටිය දී හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇති කාන්තාව මහවිල, හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි වාර්තා වුණේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














ජීවිත අනතුරු සිදු කරන සියලුම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම අවලංගු කරන්න..ජනාධිපතිතුමනි..ඔබේ අවදානයට.