spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමේෂ් රුවන්ත රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් ‘අමේෂ් රුවන්ත’ නැමැති පුද්ගලයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ, සැකකරු අද (09) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර අමේෂ් රුවන්ත නැමැත්තා ඊයේ (08) දිනයේ දී මිරිහාන පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඔහු අද අධිකරනයට ඉදිරිපත් කළ අතර, ඊට ප්‍රථම ඔහු ඉදිරිපත් කෙරුණේ අධිකරණ වෛද්‍යවරයා වෙතයි.

මාර්ග නීති උල්ලංඝණය කරමින් හයිලෙවල් මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කළ බව කියන මෙම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සැරිසැරුවා.

https://youtu.be/_3ufV837tXE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?