අමෙරිකාව එක්ක ඕනෑම ආකාරයක යුද්ධයකට සූදානම් – චීනයෙන් බරපතළ ප්‍රකාශයක්

අමෙරිකාව සහ චීනය අතර දේශපාලනික වශයෙන් දිනෙන් දින උද්ගත වන අන්තර්ජාතික සබඳතා පළුදු වීම් හමුවේ චීනය අමෙරිකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කර තිබෙනවා.

ඒ තම රාජ්‍යය අමෙරිකාව සමග ‘ඕනෑම ආකාරයක යුද්ධයකට’ සූදානම් බව පවසමින්.

යුද්ධය යනු එක්සත් ජනපදයට අවශ්‍ය දෙයක් නම්, එය තීරුබදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා, අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්..” යනුවෙන් චීන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිවන වෙළඳ තීරුබදුවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු චීනය “ඕනෑම ආකාරයක” යුද්ධයකට සටන් කිරීමට සූදානම් බවට මෙලෙස එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබෙන බවයි බීබීසී මාධ්‍ය වාර්තා කළේ.

ට්‍රම්ප් සියලු චීන භාණ්ඩ සඳහා වැඩි තීරුබදු පැනවීමෙන් පසු ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක වෙළඳ යුද්ධයකට සමීප වී තිබෙන බව ජාත්‍යන්තර දේශපාලනික විචාරකයින් පවසනවා.

එක්සත් ජනපදය විසින් චීන කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා 10-15% ක තීරුබදු පැනවීමට චීනය ඉක්මනින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අයුරු දක්නට ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46