spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්මලා සමඟ බිලිඳු දරුවන් විසිහතක් හිරේ

බන්ධනාගාර ගතව සිටින මව්වරුන් සමග බිලිඳු දරුවන් විසිහත් දෙනකු සිටින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 05) පැවසීය .

බිලිඳුන් දහතුන් දෙනකු ද බිලිඳියන් දාහතරක්ද සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය.

අයවැය විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරත් මෙසේද සඳහන් කළේය .

බන්ධනාගාර රැඳවියන් අනූදහස් තුන්සිය හැට දෙදෙනකු අතර උපාධිධාරීන් එකසිය අසූ නවයක් ඉන්නවා . දෙදහස දෙසිය අනූහතරක් පාසල් අධ්‍යාපනයක් ලබා නැහැ . පස වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් ඇති පිරිස දොළොස් දහස අටසිය හැත්තෑ නවයක් . පස් වැනි ශ්‍රේණිය සමත් පිරිස දාහත් දහස හැට දෙදෙනෙක් . මේ අතරින් අට සමත් සංඛ්‍යාව තිසස්දහස් දෙසිය පනස් අටක් . සමස්ත පිරිසෙන් සියයට හැටහතක් විතර දැනට බන්ධනාගාර වල සිටින අය අතර උසස් පෙළ සමතුන් හයදහස් හයසිය හැත්තෑ දෙනෙක් ඉන්නවා . මම මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේ මේ වැරදි කරුවන් සහ අපේ අධ්‍යාපනයේ පවතින පෑහීම සහ දුරස්ථභාවය ගැන කියන්නයි . මේ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවධානය යොමු කරයි කියා මා විශ්වාස කරනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?