අම්මලා සමඟ බිලිඳු දරුවන් විසිහතක් හිරේ

බන්ධනාගාර ගතව සිටින මව්වරුන් සමග බිලිඳු දරුවන් විසිහත් දෙනකු සිටින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 05) පැවසීය .

බිලිඳුන් දහතුන් දෙනකු ද බිලිඳියන් දාහතරක්ද සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය.

අයවැය විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරත් මෙසේද සඳහන් කළේය .

බන්ධනාගාර රැඳවියන් අනූදහස් තුන්සිය හැට දෙදෙනකු අතර උපාධිධාරීන් එකසිය අසූ නවයක් ඉන්නවා . දෙදහස දෙසිය අනූහතරක් පාසල් අධ්‍යාපනයක් ලබා නැහැ . පස වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් ඇති පිරිස දොළොස් දහස අටසිය හැත්තෑ නවයක් . පස් වැනි ශ්‍රේණිය සමත් පිරිස දාහත් දහස හැට දෙදෙනෙක් . මේ අතරින් අට සමත් සංඛ්‍යාව තිසස්දහස් දෙසිය පනස් අටක් . සමස්ත පිරිසෙන් සියයට හැටහතක් විතර දැනට බන්ධනාගාර වල සිටින අය අතර උසස් පෙළ සමතුන් හයදහස් හයසිය හැත්තෑ දෙනෙක් ඉන්නවා . මම මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේ මේ වැරදි කරුවන් සහ අපේ අධ්‍යාපනයේ පවතින පෑහීම සහ දුරස්ථභාවය ගැන කියන්නයි . මේ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවධානය යොමු කරයි කියා මා විශ්වාස කරනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34