අම්බලන්ගොඩ – වේනමුල්ල හන්දියේ දී මාරක රිය අනතුරක්

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ – මාදම්පාගම, වේනමුල්ල හන්දිය අසල ප්‍රදේශයේ දී අද
දහවල් 2.00ට පමණ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; ගාල්ල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ගමන් කරමින් තිබූ බවත්; මියගිය කාන්තාව අනතුර සිදුවන අවස්ථාවේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇති බවයි.

වේගයෙන් පැමිණි මෝටර් රථය එම කාන්තාවගේ සිරුරේ ගැටීමෙන්; ඇය එම ස්ථානයේ දී ම මියගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ වනවිට ඇයගේ සිරුර බලපිටිය මූලික රෝහලට ගෙන ගොස් ඇති බවත්; මෝටර් රථයේ රියදුරු පොලිස්
අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙම අනතුර නිසා මෝටර් රථයට ද දැඩි හානි සිදු වී තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වේනමුල්ල ප්‍රදේශයේ දී පොල්තෙල් මෝලක් පවත්වාගෙන ගිය වයස අවුරුදු 50ක් පමණ කාන්තාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14