spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ – වේනමුල්ල හන්දියේ දී මාරක රිය අනතුරක්

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ – මාදම්පාගම, වේනමුල්ල හන්දිය අසල ප්‍රදේශයේ දී අද
දහවල් 2.00ට පමණ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; ගාල්ල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ගමන් කරමින් තිබූ බවත්; මියගිය කාන්තාව අනතුර සිදුවන අවස්ථාවේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇති බවයි.

වේගයෙන් පැමිණි මෝටර් රථය එම කාන්තාවගේ සිරුරේ ගැටීමෙන්; ඇය එම ස්ථානයේ දී ම මියගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ වනවිට ඇයගේ සිරුර බලපිටිය මූලික රෝහලට ගෙන ගොස් ඇති බවත්; මෝටර් රථයේ රියදුරු පොලිස්
අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙම අනතුර නිසා මෝටර් රථයට ද දැඩි හානි සිදු වී තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වේනමුල්ල ප්‍රදේශයේ දී පොල්තෙල් මෝලක් පවත්වාගෙන ගිය වයස අවුරුදු 50ක් පමණ කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?