අම්බලන්ගොඩ නගර මධ්‍යයේ අනතුරකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

ගාලු පාරේ අම්බලන්ගොඩ නගර මධ්‍යයේ අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක් මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව තම දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇයගේ දරුවා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් කාන්තාව මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ නගර සභාවේ ආදායම් පරිපාලිකාවක් ලෙස රාජකාරී කළ 38 හැවිරිදි ලකීෂා යසස්වි නැමති තැනැත්තියක්.

ඌරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය යතුරුපැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අම්බලන්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14