spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ ධර්මාශෝකේ අසල වෙඩි තැබීමේ සිද්ධියේ අයෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල පසුගිය 31 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරකට අනුව කරන්දෙණිය, දෙමටගහකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සුමින්ද මධුසංක නැමැති 24 හැවිරිදි වියේ පසුවන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් ලද තොරතරු මත වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද කරන්දෙණිය, දෙමටගහකන්ද ප්‍රදේශයේ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් මත මෙම වැඩි තැබීම සිදුකර ඇති බවයි මේ වනවිට ආනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු ඌරගස්ම හංදිය ප්‍රදේශයට ගෙන ගොස් ඇරලූ බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?