අම්බලන්ගොඩ ධර්මාශෝකේ අසල වෙඩි තැබීමේ සිද්ධියේ අයෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල පසුගිය 31 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරකට අනුව කරන්දෙණිය, දෙමටගහකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සුමින්ද මධුසංක නැමැති 24 හැවිරිදි වියේ පසුවන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් ලද තොරතරු මත වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද කරන්දෙණිය, දෙමටගහකන්ද ප්‍රදේශයේ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් මත මෙම වැඩි තැබීම සිදුකර ඇති බවයි මේ වනවිට ආනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු ඌරගස්ම හංදිය ප්‍රදේශයට ගෙන ගොස් ඇරලූ බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14