spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්පාර හා මන්නාරම මහ නගර සභා බවට පත් කිරීමට අනුමැතිය

ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැළකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අගනගර, මහ නගර සභා ලෙස පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින්, අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව නාගරික සංවර්ධන අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම සඳහා එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කයන් හී ප්‍රධාන නගර ලෙස පවතින අම්පාර හා මන්නාරම නගර දෙකෙහි අපේක්ෂිත සංවර්ධන කාර්යයන් ඉටු කිරීම පහසු කිරීමට නගර සභා, මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?