අපොස උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි – විභාග වංචාවලින් වළකින ලෙස දැනුම්දීමක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා.

අද (10) ඇරඹෙන විභාගය එළඹෙන සැප්තැම්බර් 05 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 372,310ක් පෙන් සිටින අතර, ඊට පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඇතුළත්.

විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි දැනුම් දෙන්නේ, විභාගය ආරම්භ වීමට පැයකට පෙර තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි.

මේ අතර ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, බ්ලූටූත් උපකරණ, සටහන් වැනි දෑ විභාග ශාලාව වෙත රැගෙන යාමෙන් වැළකී සිටින ලෙසත්, විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත් සියලුම අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18