අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ අපේක්ෂාවන් නැති කළ සැකකරු රිමාන්ඩ්

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර පිළිකා රෝගීන්ට අලෙවි කළසැකකරුවෙකු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ එම රෝහලෙන් සොරකම් කර පිළිකා රෝගීන්ට රුපියල් විසි දහසක මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ.

පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟයක් ඇති බව පවසමින් රුපියල් 22000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල් 21000 මුදලකට විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව නිලධාරීන් විසින් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී රුපියල් 425970ක මුදලක් සහ මෙම වර්ගයේ තවත් ඖෂධ තොගයක් ද සොයාගත් බව අධිකරණයට දැනුම් දුන්නා.

නිවසින් සොයාගත් එම ඖෂධ තොගය රාජ්‍ය ලාංඡනය සහිත පෙට්ටිවල අසුරා තිබූ බවත් එම ලාංජනය මෙම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ශීලීන් විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ සඳහා යොදනු ලබන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28