“අපි බලමු හැටනම ලක්ෂය තාමත් ඇස් බැඳලද ඉන්නේ කියලා.”

උතුරු මැද පළාත් සභාවට මමත් තරග කරන්න සූදානම්. මහ ඇමැති අපේක්ෂකයා විදියට අපි සූදානම් පළාත් සභා මැතිවරණයේදී මේ ආණ්ඩුවට ජනතා මතය කොහේද තියෙන්නෙ කියලා උරගා බලන්න.

එදාට බලාගන්න පුළුවන් ආණ්ඩුවේ හැටනම ලක්ෂය තාමත් ඇස් බැඳලා ඉන්නවද කියලා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන් මහතා ප‍්‍රකාශ කලේය.

පී. හැරිසන් මහතා මේ කරුණු හෙළි කළේ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (30) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය.

දිගින් දිගටම මේ රටේ ජනතාවත් විපක්ෂයත් මාධ්‍යයත් දිගට හරහට හැමදාම කියනවා කෘෂිකාර්මික රටක් විදියට මේ රටේ කෘෂි නිෂ්පාදන වල ආදායම වැඩි කරගන්න නම් ආහාර හිඟයක් ඇති නොවෙන්න නම් අනිවාර්යෙන්ම ගොවීන්ට අවශ්‍ය පොහොර ටික දෙන්න කියලා.

හැබැයි ආණ්ඩුව බීරි අලින්ට වීණා වයනවා වගේ තව වෙනකම් මේ සම්බන්ධව කිසිදු උනන්දුවක් දක්වා නැහැ.

අපි හිතුව මේ රසායනික පොහොර නවත්තලා රටේ ගොවියන්ට කාබනික පොහොර හදලා ලබාදේවි කියලා.

අද මොකද වෙලා තියෙන්නේ. චීනෙ තියෙන කුණු කන්දල් ගේන්න, ඉන්දියාවේ නැනෝ නයිට‍්‍රජන් ගේන්න කියලා වෙනම නයිට‍්‍රජන් වර්ගයක් ගේන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි මුදල අඩුවක් වෙලා නැහැ.

ඩොලර් බිලියන ගානක් එක එක්කෙනාගෙ සාක්කුවලට යන්න ඒ වැඩ ක‍්‍රියාත්මක කරල තියනව.

මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම ගොවියාට පොහොර ප‍්‍රශ්නය නිසා වල් නාශක ප‍්‍රශ්නය නිසා ඉතාම අසරණ වෙලා.

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ඇවිත් කිව්වා අනුරාධපුර බඩ ඉරි`ගු ගොවියන්ට මෙට්‍්‍රක් ටොන් පන්දාහක් දෙනවා කියලා.

නමුත් දෙන ක‍්‍රමවේදයක් අපට දැනගන්න ඕන. අක්කර පන්දාහකට වැඩිය බඩ ඉරිඟු‍ හදන්න බලාගෙන ඉන්න ගොවීන්ට ටොන් පන්දහක් ඇතිද?

මේක ක‍්‍රියාත්මක කරන්න පුලූ‍වන්ද? අනුරාධපුරේ විතරද බඩඉරි`ගු හදන්නෙ. එතකොට අම්පාර මොනරාගල ගොවියන්ට මොකද වෙන්නේ.

සාමාන්‍යයෙන් ලංකාවේ අනුරාධපුර මොණරාගල හම්බන්තොට වගේ දිස්ත‍්‍රික්ක තුනේ තමයි වැඩිපුරම බඩඉරිඟු‍ වගා කරන්නේ. අම්පාර දිස්ත‍්‍රික්කයේ ගොවියන්ට මොකද වෙන්නේ. ඒ නිසා හිතවත්කම්වලට මොනවාහරි කියලා මෙච්චර පොහොර දෙනවා කියලා කිවුවාට මන් දන්නෑ එහෙම පොහොර දෙන්න තියෙනවද කියලා.

මේ කරන්නේ මුසාවක් විතරයි. මේ ප‍්‍රශ්නය නිසා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහා වාරිමාර්ග වල ඒ වගේම ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල ගොවිතැන් කටයුතු සම්පූර්ණයෙන් අඩාල වෙලා. අද ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් ඇතිවෙලා. අපි දැක්කා තේවලට පොල්වලට රබර් වලට රසායනික පොහොර ගේන්න ආණ්ඩුව තීන්දුවක් අරන් තියනවා. ඒක ලොකු දෙයක්.

අපේ ජනතාව පාරට බැහැපු එකේ ප‍්‍රතිඵල ඒ වගේම බඩ ඉරිඟු‍වලටත් පොහොර දෙන්න ඒ අය කල්පනා කරනවා.

අපට පැහැදිලිව පේනවා අද විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා සහල් මාෆියාවට.

ඒගොල්ලන්ට ඕන විදිහට මිල නියම කරන්න ඕන නිසා වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇති වෙලා. අනිත් පැත්තෙන් සහල් මිල වැඩි වෙලා.

වෙළඳපොලේ දරාගන්න බැරි විදියට සහල් මිල වැඩි කරලා. මේ තත්ත්වයට ගියොත් සිංහල අවුරුද්ද වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් දෙසීයට යන එක කාටවත් වළක්වන්න බැහැ. සම්බා කිලෝ එකක් රුපියල් 250ට කීරි සම්බා 300ට යන එක වළක්වන්න බැහැ.

එක පැත්තකින් අස්වැන්නක් නැහැ. තාම හරියට කුඹුරු වගා කරන්න පටන් අරගෙන නැහැ. එහෙම වුණොත් කරන සුළු ප‍්‍රමාණයක හරි විශාල විදිහට මිල ඉහළ යෑමක් සිදු වෙනවා.

යුගදනව් බලාගාරයේ විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුවට උදව් කරපු ගෝඨාභය මහත්තයට හැට නම ලක්ෂයක් ඡුන්දෙ දෙන්න වැඩ කරපු සුළු පක්ෂ අද විරුද්ධ වෙලා.

එම බලාගාරයේ කොටස් විකුණනවට එල්එන්ජී ඒකාධිකාරියක් වෙනවට විරුද්ධ වෙලා. ආණ්ඩුවේම පක්ෂ අද එළියට බැහැලා කියනවා අපි විරුද්ධයි කියලා. රටේ මහජනතාවත් කියනවා සියලූ‍ වෘත්තිය සමිතිත් කියනවා විරුද්ධයි කියලා.

ආණ්ඩුවට මහ ? මේ වගේ ගිවිසුම් අත්සන් කරලා රටේ සම්පත් විකුණන්න බැහැ. එයට විරුද්ධව නැගී සිටින්න විපක්ෂය ඇතුළු සියලූ කණ්ඩායම් ඒකරාශී වෙලා අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මේවගෙන් සිදුවෙන්නේ ගජ මිතුරන්ට හම්බකරගෙන කෑම විතරයි. රටක් විදිහට එහෙම තීන්දු ගැනීම වැරදියි.

  1. චන්දෙ දීපු හැට නම ලක්ෂෙ කවදාවත් මෙ රජයට දොස් කියන්නෙ නැහෙ : දෙන් ඔය මේ රජයට චන්දෙ දුන්නා කියල . එ නිසා උන්ට කන්න බොන්න ඔක්කෝම නිකන් දෙන්න කියලා හෙම තැනම උද්ගෝෂසන කරන්නෙ අර ලප කුමාර හෙවත් පුන්චි අම්මට කෙලින අනුර කුමාර සහ පහ පාස් නැති නිධන් හොරා සජිත්ගෙ උන් තමා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39