අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි දීමනාව හෙට (22) දිනයේ දී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ, අනුව තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක මුදලක් එම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.
එමෙන්ම දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි, වැඩිහිටියන් 72,525 දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන්සිය හැට දෙමිලියන හයලක්ෂ විසි පන්දහසක මුදලක් ද ගෙවනු ලබන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













