අප්‍රේල් අවසන් වීමට පෙර ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම්

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

ඒ, අනුව එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කළා.

“පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය 13,14 යන දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකළා. අද (15) දිනයේ ද ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ හරහා බඳවා ගන්නා ග්‍රාම නිලධාරීන් එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා.
එමෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව ඊයේ (14) දිනයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් විසින් ගමන් වියදම්, කාර්යාල දීමනා සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් කළා. අප ඒ වෙනුවෙන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
තව ද ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලුවක්ව පවතින ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව නිර්මාණය කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා. කොහොම නමුත් එම ගැටලුව සම්බන්ධයෙන් ද සුබවාදී ප්‍රතිඵලයක් නොබෝ දිනකින් බලාපොරොත්තු විය හැකියි.
ඒ, වගේම පැවති ආර්ථික සහ වෙනත් අර්බුද හමුවේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ සහ සමාජයේ පැවති බෙදීම නැවත එක් කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක්ව පැවතුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම විශ්වාසය ගොඩනැඟීම සිදුකළා. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ තවත් වසර දෙකක් හෝ ගමන් කිරීමට හැකි නම් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින්, විනාශකාරී ව්‍යාපෘති නවතාලමින් යහපත් රටක් නිර්මාණය කළ හැකි වනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16