spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපරාධ ගැන සොයන්න ජංගම රථයක්

රටපුරා සිදුවන අපරාධ පිළිබද සොයා බැලීමට වෝහාරික ජංගම රථයක් සේවයට එක් කර තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයටම ගොස් පරික්ෂණ සිදු කිරීමේ පහසුකම මෙමගින් උදා වනු ඇති. එම රථය රාජකාරියට එක්කිරිමේ කටයුතු ආරම්භ කෙරුණේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙනුයි.

නවීන තාක්ෂණයත් සමග අපරාධකරුවන් ඔවුන්ගේ අපරාධ සැලසුම් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරිමේදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීම මේ දිනවල පවතින ප්‍රවණතාවක්.

එම අපරාධ විමර්ශනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වෝහාරික රථයක් හදුන්වාදුන්නා.

මේ අතර වසර කිහිපයක් අක්‍රියව පැවති පොලිස්පති මහජන දිනය වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් අදාළ ප්‍ර දේශවල පොලිස් ස්තානවලින් නිසි විමර්ශනයක් සිදු නොවන බවට ඉදිරිපත් වූ චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම මහජන දිනය යළි ආරම්භ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?