spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපරාධයකට සූදානමින් සිටි අයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

කිසියම් අපරාධයකට සූදානමින් සිටි බව කියන පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව අත් බෝම්බයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ වලස්මුල්ල යහලමුල්ල ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී කිසියම් අපරාධයකට සූදානමින් සිටි මෙම පුද්ගලයා බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ විදේශ රටක නිෂ්පාදිත ජ’ීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගැණුනා. සැකකරු යහල්මුල්ල ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි අයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා වලස්මුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

මෙම පුද්ගලයා කිසියම් අපරාධයකට මෙලෙස සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණ වී ඇති අතර වැඩිදුර විමර්ශන වලස්මුල්ල පොලිසිය විසිනුයි සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?