අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර සිදුවන ගැටුම්වලට දේශපාලනඥයින් සම්බන්ධයි – වැඩබලන පොලිස්පති

මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන්ට දන්වන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මෑත කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසක්, අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම්කරුවන් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල බවත් ඒ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් ද සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවට වැඩබලන පොලිස්පතිවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බවයි.

”තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි” ඉල්ලීම් කරන මන්ත්‍රීවරයන්ගේ එම යෝජනාව සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බව ද වැඩබලන
පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති හා ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 23 වැනි දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු 2025.05.20 දින කථානායකවරයා හමු වී පැවති සාකච්ඡාවක දී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව එදිනම කථානායකවරයා,
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් හට දන්වන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දුන්නා.

මේ රැස්වීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ ආරක්ෂක අංශවල නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59