අනුර කුමාර පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණයක

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණයකට එක්වුණා.

ඒ එහි කටයුතු සොයා බැලීමට සහ වෙළඳසැල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙහිදී වෙළඳ සංකීර්ණයේ කඩ හිමියන් තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලු රැසක් පිළිබඳ මන්ත්‍රීවරයා දැනුවත් කළ බවයි.

මැනිං වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියාසිටියේ මෙම වෙළඳ සංකීර්ණයට පැමිණීම වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

ගනුදෙනු සිදුවන කාලසීමාව තුළ හෝ එවැනි ප්‍රවාහන සේවාවක අවශ්‍යතාව මෙතෙක් කිසිවෙකු හඳුනාගෙන නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම ගොඩනැගිල්ල ඉදි කිරීමේදී නිසි සැලසුමක් තිබී නොමැති බවට ද වර්තමානයේ නිරීක්ෂණය කිරීමේදී පැහැදිළි වන බව ද ඔහු පෙන්වා දෙනවා.

වෙළඳසැල් හිමියන් පිටකොටුව ප්‍රදේශයේ සිටි තත්ත්වයට වඩා අන්ත තත්වයකට මෙම වෙළඳ සංකීර්ණයේදී පත්ව සිටින බවයි මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියාසිටියේ.

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ පවතින ගැටලු හේතුවෙන් වෙළඳුන් යළිත් පිටකොටුව ප්‍රදේශයට යාමට කැමැත්තෙන් පසුවන බව තමන් සමග ප්‍රකාශ කළ බව ද ඔහු අනාවරණ කළා.

රජයේ අක්‍රමවත්භාවය ජනතාව පිළිබඳ නොසිතීම මෙන්ම වෙළඳුන්ගේ පහසුකම් පිළිබඳ නොසිතීම මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි අනුර කුමාර දිසානායක කියාසිටියේ.

  1. කෝච්චියේ වඩේ බීඩි ටොපි වික්ක එකා ඌ හැදුවා වගේ ඒකේ අඩුපාඩු හොයන වා ලැජ්ජයි ලපයෝ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14