අනුරපුර රෝහල් වාට්ටුවේ ඝාතනයට අඹුසැමි යුවළක් අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී තරුණයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම තරුණයාට පහරදී තුවාල සිදුකළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය ටෙලිකොම් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථාන පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක්.

මොවුන් දෙදෙනා අඹුසැමියන් බවයි පොලීසිය පවසන්නේ.

ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මැදවච්චිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය 26 වනදා ගැටුමක් හට ගෙන තිබුණා.

එහිදී මැදවච්චිය, අංක 15, මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවිදිදි පිංචාබදු වික්‍රමසිංහගේ රුවන් ගීත් උදිත නැමති තරුණයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලෙහි මහාචාර්ය එකක් පිහිටි 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියා.

පසුගිය 28 වනදා අලුයම 4:30ට පමණ එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එම තරුණයා ඝාතනය කර පලාගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, අත්අඩංගුවට පත් අඹැසැමි යුවළ අද (02) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18